Monday, May 6, 2024

General line - 0115112241

මහින්දානන්දට සහ සතොස හිටපු සභාපතිවරයාට විශේෂ මහාධිකරණය අධිචෝදනා භාර දෙයි

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. ඒ, 2014 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් මිලියන 53 ක මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති අධිචෝදනා සම්බන්ධයෙන්.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් ලෙසට නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අය ඇප මත මුදාහැරීමටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ.

ඒ අනුව විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණා. මෙම නඩුව අගෝස්තු මස 30 දා යළි කැදවීමට නියමිතය.