Tuesday, April 30, 2024

General line - 0115112241

මා යළිත් ශ්‍රීලනිපය වෙනුවෙන් කැප වෙනවා - වෙල්ගමගෙන් ප්‍රකාශයක්




තමන් යළිත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

ජාතික ආණ්ඩුව බිද වැටී ඇති බැවින් තමන්ට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවයි කොළොන්නාව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නොමැතිව කිසිදු පාර්ශවයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.