Tuesday, April 30, 2024

General line - 0115112241

ඇමතිවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් කැදවීමක්

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර සහ කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර තිබෙනවා. 

එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ ලබන මස 6 වනදා එම අමාත්‍යවරුන් කාරක සභාව හමුවට කැදවන බවයි. නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු ලෙස සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර කොමිසම හමුවට කැදවීමට නියමිතයි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධනගෙන් කොමිසම සාක්‍ෂි විමසීමට නියමිතව තිබෙනවා. කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ අගෝස්තු මස 6 වන දින හැකියාවක් පැවතුනහොත් අග‍්‍රාමාත්‍යවරයාගෙන්ද කරුණු විමසිමක් සිදුකිරීමට අපේක්‍ෂා කරන බවයි. 

කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ආරාධනයක් සිදු කිරීමට අවධානය යොමුව ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.