Tuesday, April 30, 2024

General line - 0115112241

පොහොට්ටුව සමග සන්ධාන ගත වූ බහුතරයක් පක්ෂ මින් පෙර එජාපයට සහය දුන් පක්ෂයි

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ ගිවිසුම් අත්සන් කළ පක්‍ෂ 10 න් 8 ක් එක්සත් ජාතික පක්‍ෂය සමග සන්ධානගතව සිටි පක්‍ෂ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා. එවැනි පාර්ශව සිය සන්ධානය හා එක්වද්දී  එක්සත් ජාතික පක්‍ෂයේ පිිරිස් සිදුකරන විවේචන සැලකිල්ලට නොගත යුතු බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ.

පළාත් සභා මැතිවරණ පළමුව පැවැත්විය යුතු බවට වර්තමානයේ මතුව ඇති සංවාදය පිළිබ`දවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියා.

පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්විය යුතු බවට ඇතමුන් සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.