Monday, May 6, 2024

General line - 0115112241

දින 22කදී බීමත් රියදුරන්ගෙන් ලද දඩ ආදායම මිලියන 140 පනියි




දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ගත වු දින විසිදෙක තුළ බීමත් රියදුරන් පන්දහස් හත්සීය පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අද (27) පෙරවරු 08න් අවසන් වූ ගත වූ පැය 24 තුළදී බීමත් රියදුරන් 208ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. බීමත් රියදුරන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස පැහැදිලි කළා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් පන්දහස් හත්සීය පස් දෙනාට රුපියල් මිලියන එකසීය හතලිස් දෙකක දඩයක් නියමවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.