Thursday, May 2, 2024

General line - 0115112241

රංජන්ට එරෙහි නඩුවක් හෙටට කල් යයි

අධිකරණ වාර්තාකරු




අධිකරණයට අපහාස කළ බව පවසමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය හෙට සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) දින ලබාදුන්නා. ඒ, මෙම නඩුව විභාග කරන විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් අද වෙනත් නඩු කටයුත්තක නිරත වී සිටින බැවින්. 

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණයට අපහාස කළ බව පැවසෙන්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 21 වනදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින්. මෙම ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි බැලු බැල්මට පෙනී යන බැවින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර දැනුම් දුන්නා. 14 දෙනෙකුගෙන් යුත් සාක්ෂි ලැයිස්තුවක් ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.