Thursday, May 2, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල සංවර්ධනය සම්බන්ධයෙන් අගමැති සහ උපකුලපතිවරු අතර සාකච්ජා 




දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙරට විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ.

අද (29) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල උපකුලපතිවරු 14 දෙනෙක් එක් වී සිටියා.

විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු කිරීම, පශ්චාත් උපාධි පාඨමාලා, ඉංගිරිසි අධ්‍යාපනය, උපකුලපතිවරුන්ගේ කාර්ය භාරය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරනු ලැබුවා. එමෙන්ම විශ්ව විද්‍යාල තුළ සිදුවන ශාරීරික, මානසික මෙන්ම සයිබර් වද හිංසා සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවයි අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කලේ.

විශ්ව විද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදු කරලීමේ අවකාශ උදාකරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි විශ්ව විද්‍යාලයන්හි හැඩරුව සකස් කරලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුනා.

මෙම අවස්ථාවට දිවයිනේ විශ්ව විද්‍යාල රැසක උපකුලපතිවරුන් රැසක් සහභාගී විය.