Wednesday, May 1, 2024

General line - 0115112241

ඇමති ධුර වැඩි කරන්න අලුතින් එන ජාතික ආණ්ඩුවක් ගැන ජී එල්ගෙන් අනාවරණයක්

දිල්ශාන් තුෂාර




නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. මෙම යෝජනාව දැනටමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

කල් යමින් තිබෙන පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතින් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව ද මෙහිදී ප්‍රතිචාර පළ වුණා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් වෙත ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහිදී තහවුරු කළා. ඒ පිළිබඳ සලකා බලා සාකච්ඡාව සඳහා දිනයක් සහ වේලාවක් නියම කර ගන්නා බවයි හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මෙම කරුණු ප්‍රකාශ කෙරුණා.