Monday, May 6, 2024

General line - 0115112241

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තෑගි ලැබුණු යතුරුපැදියක් පිටිය මැද ලිස්සා යයි (PHOTOS)




කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ (31) පැවති 3 වන සහ අවසන් එක්දින තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 122කින් ජය ගත්තා.

එහිදී නුවන් කුලසේකර වෙනුවෙන් පැවති උපහාර පිදීමේ උත්සවයෙන් අනතුරුව ජය සංකේත ප‍්‍රදානයෙන් පසු ත්‍යාග ලෙස ලැබුණු යතුරු පැදි 3ක නැගී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා ගමන් කිරීම කාගේත් සිත්ගත් දර්ශනයක් වුණා. 

එහිදී ඇන්ජලෝ මැතිව්ස්, නායක දිමුත් කරුණාරත්න, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා යතුරු පැදිවලින් ගමන් කරමින් තරගය නැරඹීමට පැමිණි කී‍්‍රඩා ලෝලීන්ට සිය ආචාරය පුද කිරීම කැපී පෙනුනා. 

ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් ගමන් ගත් යතුරුපැදිය ලිස්සා යාමෙන් ඔවුන් ආර්. පේ‍්‍රමදාස පිටියේ ඇදවැටීමකටද ලක් වුණා.