Saturday, May 18, 2024

General line - 0115112241

අමෙරිකානු බලපෑම දිනෙන් දිනම වැඩි වෙමින් ඇතැයි විමල් කියයි

චන්දන උඩුවාවල




ශ‍්‍රී ලංකේය දේශපාලනය කෙරෙහි අමෙරිකානු බලපෑම දිනෙන් දිනම වැඩි වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. මීට පෙර කතාබහට ලක්වූ ඇක්සා මෙන්ම සෝෆා ගිවිසුම් මෙන්ම මෑතක සිට කතාබහට ලක්වන එම්. සී. සී. ගිවිසුමද ශ‍්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා අමෙරිකාව විසින් සකසා ගන්නා පසුබිමෙහි කොටස් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහනුවර ඊයේ (04) පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයකදී මෙම අදහස් පළ කෙරුණා. 

ශ‍්‍රී ලංකාව තුළ වහබ්වාදය ප‍්‍රවර්ධනය කිරීම ද අමෙරිකානු උවමනාවක් බවයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

සිය අරමුණු ඉටුකර ගැනීම සඳහ එළඹෙන ජනාධිපතිවරණයට පෙර රටේ තවත් කළහකාරී තත්වයක් ඇති කිරීමට අමෙරිකාව ක‍්‍රියාකළ හැකි බවට මෙම සම්මන්ත‍්‍රණයේදී අනතුරු ඇඟවීමක්ද කෙරුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ හේතු හදාගනිමින් රටට රිංගා ගැනීමට අමෙරිකාව දක්ෂ බවයි. 

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද මෙම සම්මන්ත‍්‍රණය අමතමින් අදහස් දැක්වූවා. උන්වහන්සේ පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කෙරෙන උත්සහයන් ද අමෙරිකානු බලපෑම්වල ප‍්‍රතිඵලයක් බවයි. අමෙරිකානු බලපෑම් නිසා බෙදුම්වාදය ශක්තිමත් වන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.