Monday, April 29, 2024

General line - 0115112241

ආණ්ඩුව විදුලිබල පනත ඉල්ලා අස්කර ගනී - පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ

සජිත් තිලකරත්න/හර්ෂිකා සංජීවනි




අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබු ශී‍්‍ර ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂය විසින් ඉල්ලා අස්කර ගත්තා.

ඒ නීතිපතිවරයා විසින් එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට දන්වා එවීමත් සමගයි.

මෙම පනත් කෙටුම්පතේ ඇති භයානක තත්වයන් පිළිබ`ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පෙන්වා දුන්නා. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ දැනුම් දීම අද උදෑසන ලැබුනු බවයි. ඒ අනුව පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවද සභානායකවරයා ප‍්‍රකාශකළා.

පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමත් සමග පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබුණා.