Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන අගමැති සාක්ෂි දෙයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

අග‍්‍රාමාත්‍යවරයා කාරක සභාව හමුවට කැදවා තිබුණේ පස්වරු 06ට පමණයි. මේ එහිදී කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා.



ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද අද  කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

මේ එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන.
 

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට පසුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ අමාත්‍ය සාගල රත්නායකයි. ඒ, නීතිය හා සාමය පිළිබ`ද හිටපු අමාත්‍යවරයෙකු ලෙසයි.

නීතිය හා සාමය පිළිබ`ද හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරද අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.