Monday, April 29, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවක් ජනපති හෙළි කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) කොළඹදී ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා එම අදහස් පළකළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (06) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමින්ය.

ශ්‍රී ලංකාවට පිළිගත් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබූනා.

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම් අසීමිතයි.

අද උදෙන් කැබිනට් මණ්ඩලයේදී මේ ගැන වාද විවාද වුණා මන්ත්‍රීවරුන්ට අතිරේක දීමනාවක් දීම සඳහා රජය පැත්තෙන් යෝජනාවක් ගෙනාවා මම කිව්වා කැමති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් සහ දීමනාවන්ට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න තමයි ඒ යෝජනාව ගෙනත් තිබුණේ. ඒ සඳහා මට ලොකු බලපෑමක් කළා.

මම කිව්වා මට නම් කැමති වෙන්න බැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැනට මාසිකය රුපියල් ලක්ෂ 4 කට වැඩිය ලැබෙනවා තවත් රුපියල්  ලක්ෂ දෙකක අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කළේ නැහැ" ජනාධිපතිවරයා කියා සිටියා.