Monday, April 29, 2024

General line - 0115112241

රනිල්-සජිත් අතර රහසිගත හමුවක්

දිනුක් හේවාවිතාරණ




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (06) රාත්‍රියේ පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි ලබා දිමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අරලියගහ මන්දිරයේදි පැවති මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පමණක් සිදුව ඇත.

මෙහිදි ඉදිරි ජනාධිපතිවරණය, පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ පිහිටුවිමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ජාවට බදුන්වි ඇති බවයි වාර්තා වන්නේ.