Monday, April 29, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයාගේ ආරක්ෂාව තර කරයි

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයාගේ ආරක්‍ෂාව නැවත වරක් තර කර තිබෙනවා. ඒ, ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගනිමින්.

වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත උඩුවරගේ, ආරක්‍ෂාව සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අනියුක්ත කිරීමටයි බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයාට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳ ඔහු විසින් මතු ආරක්‍ෂාව සඳහා පැමිණිල්ලක්ද කර ඇති බව බොරැල්ල පොලීසිය සඳහන් කළා. මීට පෙරද තුසිත උඩුවරගේ ආරක්‍ෂාව සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අනියුක්ත කර තිබුණා. කෙසේවෙතත් ඉකුත් ජූලි මස 31 වැනිදා සිට ඔහුට ලබාදී තිබූ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමටයි බන්ධනාගාර මූලස්ථානය කටයුතු කර තිබුණේ.

එහෙත් ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් නැවත එම ආරක්‍ෂාව ලබාදීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

මේ අතර අම්බලන්ගොඩ, කුලීගොඩ ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත් වූ කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයාගේ අවසන් කටයුතු අද (07) සිදු කෙරෙනවා. ඔහුටද ජීවිත තර්ජන එල්ල වී තිබූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඔහුට වෙඩි තැබූ පුද්ගලයන්ද මේ වනවිට හදුනාගෙන තිබෙනවා.