Monday, April 29, 2024

General line - 0115112241

විශේෂ කාරක සභාවේදී ෆොන්සේකාගේ ප්‍රශ්නවලට අගමැති දුන් පිළිතුරු

සජිත් තිලකරත්න




ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබදතා පැවැත්වූ සියළු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින්. 

වර්තමානයේ ලොවපුරා සිදුවන ත‍්‍රස්ත කි‍්‍රයා සැලකීමේදී එවැනි ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයකින් පසු විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සාක්‍ෂි ලබාදෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

සහරාන් හෂීම් දෙමළ බසින් සිදුකර ඇති අන්තවාදී දේශනවලින් දකුණු ඉන්දියාවටද බලපෑම් එල්ල විය හැකි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක යන අමාත්‍යවරු සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ද ඊයේ (06) පෙනී සිටියා.