Friday, May 17, 2024

General line - 0115112241

ධාන්‍ය වර්ග 07ක් ආනයනය නවතා දැමීමට ආණ්ඩුවේ අවධානය

සජිත් තිලකරත්න




අත්‍යවශ්‍ය ධාන්‍ය වර්ග 07ක් ආනයනය කිරීම ඉදිරියේදී නවතා දැමීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සී මුතුකුමාරණ විසින් කෘෂි පර්යේෂණ සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පර්යේෂණ මඟින් සොයාගෙන ඇති නව බීජ ප්‍රභේදවලින් වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වීම එම තීරණයට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.