Friday, May 10, 2024

General line - 0115112241

අද සිට කෝප් කමිටුවත් මාධ්‍යයට විවෘත වේ

ඩිල්ෂාන් මඩවල/ සජිත් තිලකරත්න




පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘත වනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටමත් සූදානම් කර අවසන් බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෝප් කමිටුවේ කටයුතු මෙලෙස මාධ්‍ය වෙත විවෘත කිරීම මගින් අපේක්ෂා කරන සුභ ඵල පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මාධ්‍ය වෙත විවෘත කිරීමට හැකි වන පරිදි ස්ථාවර නියෝග ද සංශෝධනය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියා.