Friday, May 10, 2024

General line - 0115112241

කෙරවලපිටියට තවත් කුණු භාර ගන්න බෑ - කොළඹ කුණු ගැටලුව ගැන ඇමති පාඨලී කතා කරයි

නිශාන් ද සිල්වා




කොළඹ නගරයේ එක්රැස් වූ කැලි කසල ඊයේ (8) රාති‍්‍රයේ සිට අරුවක්කාලූ කසල අංගනය වෙත බැහැර කිරීම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ දින දෙකක් තුළ කොළඹ එක්රැස්ව තිබෙන කසල අරුවක්කාලූ වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි.

එක්රැස් වූ කසල ප‍්‍රමාණය කොළඹ නගරයෙන් ඉවත් කිරීමෙන් පසු දෛනිකව එකතුවන කසල කඩිනමින් අරුවක්කාලූ කසල අංගනය වෙත බැහැර කිරීමට වැඩපිළිවෙලක්ද ආරම්භ කළ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල උද්ගතවී ඇති කසල ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් පළ කළා.

වත්තල, කෙරවළපිටිය කසල අංගනයේ නියමිත ධාරිතාව ඉක්මවීමත් සමග එම ස්ථානයට කසල බැහැර කිරීම ඉකුත් 5 වනදා සිට නතර කිරීමටයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගත්තේ. ඒ සමග කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල එක්රැුස්වන කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ගැටළු මතු වුණා.  කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් දින 5 ක් තුළ කසල බොහෝ වශයෙන් කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල එක්රැස් වී තිබුණා.