Monday, April 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ නිවසට සොරෙක් පනී - CCTV වීඩියෝවෙන් සැකකරු හඳුනගනී

හේමන්ත කහවලගේ/හර්ෂිකා සංජීවනි




පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ නිවසක් තුළ සොරකමක් සිදුව තිබෙනවා. මන්ත්‍රිවරියට අයත් පවුම් 03ක පමණ රන් වළල්ලක් මෙලෙස සොරකම් කර ඇත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මෙලෙස සිද්ධියට මුහුණ දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමේධා ජී. ජයසේනයි. මාදිවෙල පිහිටි මන්ත්‍රිවරියගේ නිවසේ අදාළ සොරකමක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. සොරකමට අදාළ දර්ශන සී. සී. ටී. වී. කැමරාවල සටහන් වී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත‍්‍රීවරිය පැවසුවේ.

ඒ අනුව සොරකම සිදු කර ඇත්තේ මීට පෙර නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කළ සේවකයෙකු බව හඳුනාගත් බවද ඇය පවසනවා.

මෙම සේවකයා සොරකම සිදු කළ දිනයේ අසනීප තත්වයෙන් නිවසේ සිටි සිය පුත‍්‍රයාගෙන් රුපියල් 2,000ක මුදලක් ද ඉල්ලා ගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

එකම මාදිලියේ වළලු 03ක් තමන් සතුව තිබූ බවද හදිසි අවශ්‍යතාවක් සඳහා ඒවායෙන් 02ක් බැංකුවකට උකස් කර මුදල් ලබාගත් බවද මන්ත‍්‍රී සුමේධා ජී ජයසේන පවසනවා. සොරකමට ලක්ව ඇත්තේ ඉතිරිව තිබූ අනෙක් වළල්ල බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර මීට දින කිහිපයකට පෙර අමාත්‍ය රාවුෆ් හකීම්ගේ නිවසේද සොරකමක් සිදු වුණා. රුපියල් ලක්ෂ 60ක මුදලක් එලෙස සොරකම් කර තිබූ බවයි අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වුණේ.