Thursday, May 16, 2024

General line - 0115112241

මිනිසාගේ පැවැත්මට සංගීතය ප්‍රබල බලපෑමක් සිදුකරනවා




මිනිස් ජීවිතයක පැවැත්ම කෙරෙහි සංගීතය ද ප්‍රබල බලපෑමක් ඇති කරන බව අධ්‍යයනවලින් හෙළිව තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය ද ඒ පිළිබඳ කරුණු දැක්වුවා. 

" උදාහරණයක් ලෙස බලන්න, කතා කරන්න බැරි පුංචි දරුවෙකුට ඔබ සංගීතයක් දැමුවොත් එහෙම ඒ දරුවා ඊට ප්‍රතිචාර දක්වනවා. දෙමව්පියන් සංගීත සංදර්ශනයක් බලන්න ගියොත් ඒ දරුවා ඒ තාලයට නැලවෙනවා. ඒ දරුවා දන්නේ නැහැ ඒ ගීතය ශෝක ගීතයක්ද නැත්නම් ප්‍රීතිමත් ගිතයක්ද කියන එක. නමුත් ඒ සංගීතය සමග දරුවා චලනය වනවා. නැළවිලි ගීයක් කියන කොට දරුවා ඒ රිද්මයත් සමග බද්ධ වෙනවා" යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය කියා සිටියා.

වැරදි සංගීත භාවිතයන් නිසා කෙනෙකු වරදට පෙළඹිය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රවණය සඳහා ගීත හෝ සංගීතය තෝරා ගැනීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය උපදෙස් ලබා දෙනවා. ගීත හෝ සංගීතයට පුද්ගල සිතිවිලි සහ මොළය කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි බව අධ්‍යයන වලින් හෙළිව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

ඒ අනුව අහිතකර බලපෑම් ඇති කරන ගීත හෝ සංගීතය නිතර නිතර ශ්‍රවණය කළ හොත් ඒ නිසා ජීවන චර්යාවන්ට සහ මොළයට ද හානිවිය හැකි බව මෙහිදී පැහැදිළි කෙරුණා.  

කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය මෙම පැහැදිළි කිරීම කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

විප්ලවීය ගීත හෝ විප්ලවීය සංගීතය මගින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කල හැකියි.