Tuesday, April 30, 2024

General line - 0115112241

මාස 08කට පෙර අතුරුදන් වූ අයෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් හමුවෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




මාස 08 කට පෙර අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් බගවන්තලාවේ තේ වතුයායක තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව සිට ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්.

අස්ථි කොටස් සොයා ගත් ස්ථානයේ තිබී රෙදි කැබලි කිහිපයක් ද සොයා ගෙන ඇති අතර ඒවා තම ස්වාමියාගේ බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනාගනු ලැබ තිබෙනවා.

බගවන්තලාව පොලීසිය පැවසුවේ සොයා ගත් අස්ථී කොටස් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි. ඉකුත් වසරේ දෙසැම්බර් මස 12 වැනිදා මෙම පුද්ගලයා අතුරුදන්ව තිබුණා.