Tuesday, April 30, 2024

General line - 0115112241

මහින්ද පැරදුණේ සුළු ජාතීන්ගේ ඡන්ද නිසා නොවන බව කියයි

ප්‍රගීත් ජානක




2015 වසරේදී සිදුවූ පරාජයට හේතුවූයේ තරුණ ඡන්ද අහිමි වීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී පරාජය වූයේ සුළු ජාතීන්ගේ ඡන්දවලින් නොවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළ අවස්ථාවට වඩා පරාජය වූ 2015 වසරේදී ඔහුට සුළු ජාතීන්ගේ ඡන්ද හිමිවුණු බව දිලුම් අමුණුගම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින්.