Tuesday, April 30, 2024

General line - 0115112241

යුරෝපා තානාපතිවරියෝ දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරියක ජනපතිට අක්තපත්‍ර භාරදෙයි




ශ්‍රී ලංකාවට අලුතින් පත්වීම් ලැබ ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද අක්තපත්‍ර භාරදුන්නා. නව තානාපතිවරියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පත්වීම් ලැබ ඇත්තේ නෝර්වේ රාජ්‍යයෙන් සහ නෙදර්ලන්තය සඳහායි. මහ කොමසාරිස්වරිය එක්සත් රාජධානියෙන් පත්කරනු ලැබ තිබෙනවා. 

අක්තපත්‍ර භාර ගැනීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙම රාජ්‍යයන් තුන සමඟම ශ්‍රී ලංකාවට දිගු කාලීන හා සමීප සබඳතා ඇති බවයි. නව නිලධාරීන් යටතේ සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.