Tuesday, April 30, 2024

General line - 0115112241

නව හමුදාපතිවරයාගේ පත් කිරීමට පාර්ශව රැසකින් විරෝධතාවය : ලංකාවේ තීන්දු තීරණවලට ඇඟිලි ගසන්න අනෙක් රටවලට බැහැ - විද්වතුන් කියයි




ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව කණස්සල්ල පළ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබියදී ඔහු යුද හමුදාපති ලෙස පත් කිරීම ප්‍රශ්නගත බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

මේ අතර දෙමළ ජාතික සන්ධානය ද සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් නව යුධ හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පත් කිරීමට විරෝධය පළකර තිබෙනවා.

කෙසේවෙතත් හමුදාපතිවරයෙකු පත් කිරීම සඳහා ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් වෙනත් රටක් මෙලෙස මත පළ කිරීම අනුමත කළ නොහැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. මෙවැනි මත පළ කිරීම්වලින් සිදු වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අනවශ්‍ය ඇඟිලි ගැසීමක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.