Saturday, May 4, 2024

General line - 0115112241

උතුරෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




වවුනියාව කෝවිල්පුදුකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා තවත් උපකරණ කිහිපයක් අද සොයා ගැණුනා. බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් හා වයර් තොගයක් ද ඒ අතර වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

නිවස හිමිකරු ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ  හමුවි තිබෙනවා. පසුව ඔහු විසින් පොලිසියට ඒ බව  දැනුම් දිී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අධිකරණ නියෝගක් ලබා ගෙන නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබෙනවා.