Thursday, May 2, 2024

General line - 0115112241

ඉදිරි වසර දහයේ සිය අපේක්ෂාව රනිල් කියයි

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




ඉදිරි දශකය තුළ ශී‍්‍ර ලංකාව නුපුහුණු ශ‍්‍රමිකයන් නොමැති රටක් බවට පත් කිරීම සිය අපේක්‍ෂාව වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.  කුලියාපිටිය, නාරංගල්ල ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අනාගත පරපුර තාක්‍ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සදහා රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් පිළිබදවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද උත්සවය ඇමතුවා.