Thursday, May 2, 2024

General line - 0115112241

එජාපයේ අර්බුදය උග්‍රයි - ගැටුම් සැඟවීමට පැලැස්තර යෙදුවත් අසාර්ථකයි

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද වසා ගැනීමට විවිධ පැලැස්තර යෙදුවද එය අසාර්ථක වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. විරුද්ධවාදීන් විසින් සිදුකළ චෝදනා එක්සත් ජාතික පක්‍ෂයේම පිරිස් එම පක්‍ෂයේ සාමාජිකයන්ට එල්ල කරමින් සිටින බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

රටට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් දැන් හෝ ගෙනආ යුතු බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ යාපනයේදී සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල අදහස් පළ කළා.