Thursday, May 2, 2024

General line - 0115112241

කසළ තේ කිලෝ 2340 ක් ගම්පොලින් අල්ලයි




කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ගම්පොළ - ඇත්ගාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ ගම්පළ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 2340 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.