Thursday, May 2, 2024

General line - 0115112241

කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

කසුන් කැලුම්




කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් වී ගිය යාත්‍රාවක් අතුරුදන් වී තිබෙනවා. ඉකුත් පළමුවනදා මුහුදු ගිය ”නිශාදි” නම් මෙම ධීවර යාත්‍රාව ඉකුත් 10 වනදා සිට අතුරුදන්ව ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කලාපීය රටවල් දැනුවත් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. නාවික හමුදාවට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.