Thursday, May 16, 2024

General line - 0115112241

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනාධිපතිවරණ දින වකවානු ගැන කියයි

දිල්ශාන් තුෂාර




ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු මෙම මාසයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ යම් හෙයකින් මෙම මස අගදී ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප‍්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ලබන ඔක්තෝම්බර් මස 15 වැනිදාට පෙර එය ප‍්‍රකාශයට පත්වනු ඇති බවයි.

ඒ අනුව, ලබන ඔක්තෝම්බර් මස මැදදී ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසමේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 09 වැනිදාත්, දෙසැම්බර් 08 වැනිදාත් අතර කාලයකදී පැවැත්විය යුතුයි. 

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය කැඳවීමට හැකියාවක් නොමැති බවයි.