Friday, May 17, 2024

General line - 0115112241

අපේක්ෂක ප්‍රශ්නය අවසන් - රවී කියයි

සජිත් තිලරත්න / පවිත්‍රා මධුහර්ෂනි




ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැති අර්බුද මේවනවිට අවසන් වී ඇති බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු කියා සිටියේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිඳු ගැටලුවක් ද නොමැති බවයි. 

සියලුදෙනා එකතුවී එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. 

" මාධ්‍ය අහන්නේ එක්සත් ජාතික පක්ෂය ගැනමයි. අපේ අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න ගැන අපි ඇතුලෙම කතා කරලා ඒ ගැන විසඳා ගෙන අපි ජයග්‍රාහණය කරා යන්න සුදානම්. අපේ ප්‍රශ්න ගැනම විතරක් විමසන කොට අනිත් අයගේ තියෙන ප්‍රශ්න ඉබේම වැහිලා යනවා" අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

" කිසිදේකට බය වෙන්න එපා. ආර්. ප්‍රේමදාස මහත්තයා ගෙන් පස්සේ අපේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහිකර ගන්න බැරි උනා. එතුමා පසුගිය දින 52 කුමන්ත්‍රණය වෙලාවේදී අරලියගහ මන්දිරයෙන් එතුමා යන්නේ නැතුව ඒ කුමන්ත්‍රණය පරාජය කරනන් අවශ්‍ය උපාය සහ උපාය ක්‍රම එතුමා සකස් කළා වගේම 2020 අපේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහිකරලීමට අවශ්‍ය උපක්‍රම සහ උපාය මාර්ග එතුමා සකස් කරනවා නොඅනුමානයි" ඔහු මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවැති උත්සවයකට එක්වෙමින්.