Friday, May 17, 2024

General line - 0115112241

විදෙස් ගිවිසුම් ගැන ගෝඨාභයගෙන් පොරොන්දුවක්




අධ්‍යාපනයට විශාල අයෝජනයක් වෙන් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දුන්නේ පෙර පාසල් සංවර්ධනය කිරීමට ඉදිරි රජයකදී අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවයි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ ජාතික පෙර පාසල් ගුරු වෘත්තීය ජාතික සම්මේලනය කොළඹදී අද (01) අමතමින්. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කරන පක්‍ෂවල ප්‍රථම සමුළුව අද පස්වරුවේ බත්තරමුල්ල, බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පළමු සමුළුව සංවිධාන කළේ පිවිතුරු හෙළ උරුමයයි.

මෙම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයේ මහා සමුළුවට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ විනයගරුක, ගුණගරුක, නීතිගරුක සමාජයක් බිහිකිරීම සඳහා තමන් නායකත්වය ලබා දීමට සූදානම් බවයි.