Thursday, May 16, 2024

General line - 0115112241

අගමැති 13 දෙනෙකු සමග මාලදිවයින බලා යයි (UPDATE)

ටී කේ ජී කපිල/සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියා.

දූත පිරිස ද සමගින් අද උදෑසන 7.30 ට මාලදිවයින බලා පිටත්ව ගියේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන්.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලේ අග‍්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 13 දෙනෙකු මෙම සංචාරය සඳහා සහභාගී වූ බවයි.

මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සඳහා එක් වනවා. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට ද අත්සන් කිරීමට නියමිතයි. 

--------------------

අගමැති අද නිල විදෙස් සංචාරයකට එක්වෙයි - ගිවිසුම් 04කට අත්සන් තැබීමට සූදානම්

(02-09-2019 07:08)

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (02) දිනයේ මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ඒ, තුන් දින නිල සංචාරයක් සඳහායි.

මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සඳහා එක් වනවා.

එහිදී වීසා පහසුකම් ලබා දීම, සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව මෙන්ම තරුණ සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත‍්‍රයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති.

දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් 4කට ද එහිදී අත්සන් කිරීමට නියමිතයි. 

හෙට (03) සහ අනිද්දා (04) මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දියා සාගර සමුළුවෙහි සභාපතිත්වයද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දරනු ලබනවා. මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනයන් පිළිබඳ එස්. රාජරත්නම් පාසල සමග එක්ව මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ඉන්දියා පදනම විසින්.