Friday, May 17, 2024

General line - 0115112241

සජිත් නම් කරන්නැයි කලින් කළ ඉල්ලීමට ප්‍රතිචාර නොමැති නිසා එජාපය ඇතුළෙන් අලුත් වැඩපිළිවෙලක්

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කර ගැනීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.

ඒ, අපේක්ෂකයා තීරණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම රැස් කරන ලෙසට මීට පෙර කල ඉල්ලීමට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීම හේතුවෙන්. 

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට වූ ලිපියක් මන්තී‍්‍ර කණ්ඩායම විසින් පක්ෂයට භාර දීමටයි නියමිතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද දැනුවත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

හදිසියකින් තොරව නිවැරදි පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

කෙසේවෙතත් එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළේ මේ සතිය තුළදී හෝ නිවැරදි අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතු බවයි. 

අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ හැකි දිනන අපේක්කයා කඩිනමින් ඉදිරිපත් කරන බවයි.

අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ක‍්‍රමවේදයක් පවතින බවත්, ඊට අනුකූලව සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.