Friday, May 17, 2024

General line - 0115112241

විනයගරුක රටක් ගැන ගෝඨා කිව්ව කතාව යළිත් පැහැදිළි කරයි

සජිත් තිලකරත්න




විනයගරුක සහ ආරක්ෂිත රටක් බිහිකිරීම යනු රට තුළ පොලිස් හෝ හමුදා රාජ්‍යයක් බිහිකිරීම නොවන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයෙකුටම සුරක්ෂිතව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අරමුණ බවයි. 

යුද්ධයෙන් පසු රටෙහි ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සුරක්ෂිත රටක් බිහිකළා සේ මෙවර ද, තමන් ඊට නායකත්වය දෙන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප‍්‍රකාශ කළා. 

රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ පුද්ගලික බස්රථ හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයක් අමතමින්.