Thursday, May 16, 2024

General line - 0115112241

ගෝඨාට 'ඊලවර්' පක්ෂයේ සහය

දිනසේන රතුගමගේ




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට ඊලවර් ප‍්‍රජාතාන්ති‍්‍රක පෙරමුණ හෙවත් ඊරෝස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීම වෙනුවෙන් පැවති සාකච්ඡාවක ප‍්‍රථිඵලයක් ලෙසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසන්ත පුංචි නිලමේ ඇතුලූ පිරිසක් සමග ඊරෝස් පක්ෂයේ නියෝජිතයින් වවුනියාවේදී මෙම සාකච්ඡාවට එක් වුණා. 

මේ අතර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිය මැතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙල ශක්තිමත් කිරීමටයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ. 

මේ අතර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඇමතිවරයෙකු වීමටම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 

ඔහු කියා සිටියේ තමා එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි. වැදගත් වන්නේ අදහස් නොව අදහස් ක්‍රියාත්මක කිරීම බවද මෙහිදී සඳහන් කෙරුණා.
 
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ පෞද්ගලික ප‍්‍රවාහන සේවයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ තවත් සමුළුවකට එක්වෙමින්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්ව සිටියා.