Friday, May 10, 2024

General line - 0115112241

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ 'ඡන්ද විමසීමට' දිනය යවයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වෙනු ඇතැයි වාර්තා වනවා. එම ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාව වෙත අගෝස්තු 30 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමකට තීන්දුව ලබා දෙමින්. 

එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා ඡන්ද විමසීම වෙනුවෙන් භාර දුන් නාමයෝජනා පත‍්‍රය ද භාර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය එම ප‍්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීවරයාට නියෝග කර තිබුණේ.

ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසිම පැවැත්වෙන දිනය තමන් මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි.