Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය එජාපයට ආරාධනා නොකරයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




අද (03) පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයට එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් සියලූ පක්ෂවලට ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර පක්ෂවලට ආරාධනා කර ඇති බවත් පුද්ගලයින්ට ආරාධනා කර නොමැති බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී අද පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි.