Saturday, May 11, 2024

General line - 0115112241

ජනපති කැමැත්ත පළ කරලා - දිනය තවම දී නෑ

ලහිරු කපුගේ




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ඊයේ (02) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී යළි රැස් වුණා.

මෙහිදී ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡා වී ඇත්තේ එහි අවසන් වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන්. එම කාරක සභාවේ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කර සිටියේ මේ වනවිට වාචිකව ප‍්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවයි. ඉදිරියේ දී ප‍්‍රකාශ සටහන් කර ගන්නේ නම් එය ලිඛිතව ලබා ගැනීමටයි තීරණය වී ඇත්තේ. 

මේ අතර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද කැමැත්ත දක්වා ඇති බව එම කාරක සභාවේ නියෝජිතයා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා මෙතෙක් තමන් පැමිණෙන දිනයක් ලබා දී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය අගෝස්තු මස 23 වන දින අවසන් වීමට නියමිතව 
තිබුණ ද එය ලබන 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවා.