Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය දැන් පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේදීයි. 

කාසිය වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා. පළමු තරගයට කී‍්‍රඩා කළ කසුන් රාජිත වෙනුවට ලක්ෂාන් සඳකැන් ශී‍්‍ර ලංකා පිළට කැදවා තිබෙනවා. පළමු තරගයේදී නවසීලන්තයට ජය ගෙන දුන් රොස් ටේලර් අද තරගයට කැදවා නැහැ. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ අතර අද තරගයේදී තවත් එක් කඩුල්ලක් දවා ගත හොත් ශී‍්‍ර ලංකා නායක ලසිත් මාලිංගට පන්දුවාර 20 ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ කඩුළු 100 යේ සීමාව පසු කළ පළමු පන්දුයවන්නා ලෙස වාර්තා පොත් අතරට එකවීමට හැකි වනවා.