Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අලුත් නායකයා කෙසේ වියයුතු දැයි විද්වතුන් පෙන්වයි

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




ලෝකය සමග ඉදිරියට යාමට නම් ශී‍්‍ර ලංකාවට බිහිවන අලුත් නායකයා නව දැක්මකින් යුක්ත පුද්ගලයෙකු විය යුතු බව විද්වතුන් පවසනවා. 

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ මෙරට අධ්‍යාපන ක‍්‍රමය ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට යුගයේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

රටේ මීළඟ නායකයාගේ දැක්මද රටේ ඉදිරි ගමන් මගට බලපෑමක් එල්ල කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මෙහිදී පෙන්වා දුන්නා.

ඉදිරියේදී බිහිවන නායකයාට ඇති අධ්‍යාපන සුදුසුකම් රටේ දියුණුවට වඩාත් වැදගත් බවත් දේශපාලන අත්දැකීම් මතම නායකයෙක් පත් කිරීම තේරුමක් නැති බවත් සඳහන් කළා.

ඒ නිසාවෙන් ඉදිරියේ නායකත්වයට සුදුසු පුද්ගලයාට තවත් අවුරුදු 10කට හෝ 20කට රටට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ හැකියාවක් සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාවක් තිබිය යුතු බවත් පෙන්වා දුන්නා.

ලෝකයේ බොහෝ රටවල් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මහජන සේවා පවා ඉතා පහසු කර ඇති බවත් ශී‍්‍ර ලංකාවද එම තත්ත්වයට ළඟාවීමට හෝ 2020 දී සැලසුම් සකස් කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.