Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ විනය පරීක්ෂණයට මුහුණ දෙන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් සූදානමින්

සජිත් තිලකරත්න




තමන්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කරන විනය පරීක්ෂණයට මුහුණ දීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‘්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යයාලයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ සෙසු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයකට කැඳවා ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා.