Wednesday, May 8, 2024

General line - 0115112241

"නෙත් අරලිය උයන" රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී




නෙත් එෆ් එම් රේඩියෝව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කඨින මහා පිංකමට සමගාමීව නිර්මාණය කෙරෙන නෙත් අරලිය උයන රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය හෙට (08) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි. 

නෙත් එෆ් එම් කඨින මහා පිංකම ද නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන අතර ඉකුත් ඇසළ පොහෝදා වැසි සලු පූජා කර ඊට ආරාධනා කිරීම ද සිදු කෙරුණා. 

නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අස්ගිරි විහාරවාසී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනාව පරිදි එම කටයුතු සිදු කෙරෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව මෙවර කඨින මහා පිංකම සංවිධානය කරන්නේ 06 වන වරටයි.