Sunday, May 12, 2024

General line - 0115112241

හැටන් ෆේස්බුක් සාදය සුරාබදු නිලධාරීන් වටලයි : තරුණ තරුණියන් සමග දෙමව්පියන් සාදයට ඇවිත් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා, මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (08) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලය සඳහන් කර සිටිනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හරහා එකතු කරගත් තරුණ තරුණියන් විසින් ඊයේ දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙලෙස සාදයක් පවත්වා ඇති අතර එම සාදය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබුණා.

සාදය පැවැත්වෙන අතරතුර හැටන් සහ නුවරඑලිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් එක්ව සිදු කල හදිසි වැටලිමකදි කේරල ගංජා සන්තකයේ තබාගත් තරුණයන් සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එම උත්සව ශාලාවේ විසිකර දමා තිබු තවත් කේරල ගංජා මිලිග්‍රෑම් 5900 ක්, කොකෙන් මත්ද්‍රව්‍ය, මත්පෙති තොගයක්ද සහ හදුනා නොගත් මත්ද්‍රව්‍යය ද සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම සාදය සදහා වයස අවුරු 16 ත් 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් 400 දෙනෙකු පමණ සහභාගි වි සිටි බවයි වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්රා-වණාගොඩ, පිලියන්දල, මහනුවර සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් සඳහන් කර සිටියේ.

මෙම වැටලිම මෙහෙය වු හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති අයි.ජේ.ඒ පෙරේරා ප්‍රකාශ කර සිටියේ එම සාදයට සහභාගි වු ඇතැම් තරුණ තරුණියන් ඔහුන්ගේ දෙමව්පියන්ද එක කර ගනිමින් එම සාදයට සහභාගි වි සිටි බවයි. මෙවැනි සාද පැවැත්විම තුලින් ඇතැම් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන බවත් දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටිය යුතු බවයි.