Sunday, April 28, 2024

General line - 0115112241

පවතින අධික වැසි තත්ත්වය ලබන අඟහරුවාදා තෙක්




දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීද, අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (22) සිට ලබන අගහරුවාදා තෙක් වැසි වැඩිවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර යන පළාත්වලට මිලිමීටර් 150කට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.