ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (22) පැවැති තවත් තරගයකින් ඉතාලි කණ්ඩායම විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා. ඒ, නැමීබියාවට එරෙහිවයි. ලකුණු 47-22 ක් ලෙස ඉතාලියට ජයගෙන දෙමින් අවසන් ලකුණු පුවරුව සටහන් වුණා. තරගය පැවැත්වුණේ බී කාණ්ඩය යටතේයි.
මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ද අභිබවා යමින් බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉතාලිය සමත්ව සිටිනවා. ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් අයර්ලන්තය ලකුණු 27-03 ක් ලෙස ජය ගත්තා. ටොංගා රාජ්‍ය පරදවා ලකුණු 03 ට 35 ක් ලෙස විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ද එංගලන්තය අද සමත්වුණා.