Monday, May 6, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට එක්වෙයි 

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා යුධ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

යුධ හමුදාවට දිනේෂ් චන්දිමාල් සිය කැමැත්ත පළකර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් නුදුරේදීම යුධ හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට නියමිතව ඇත.