Thursday, March 28, 2024

General line - 0115112241

‘කලම්බෝ මැරතන්’ සැණකෙළියට 7500ක්




16 වෙනි ‘කලම්බෝ මැරතන්’ තරගාවලිය ලබන ඔක්තෝම්බර් මස 2 වෙනිදා කොළඹ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ වනවා.

ඊට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7500කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

රටවල් 40ක් නියෝජනය කරමින් විදෙස් තරගකරුවන් 200කට වැඩි පිරිසක් ද ඒ සඳහා සහභාගි වන බවයි සංවිධායකයින් පවසන්නේ.

කිලෝමීටර් 42කින් සමන්විත කලම්බෝ මැරතන් තරගය කොළඹ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ වී බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල ඔස්සේ මීගමුව දක්වා ගමන් කිරීමට නියමිතයි.

13876318_871593739640911_8527742581110585727_n 13882593_871593802974238_5171112079605773854_n