Saturday, May 11, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි : දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් පිළිබඳ අවදානම් නිවේදන




බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. ගිගිරුම් සහිත වැසි සමග පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් අතර කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බව ද කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑම් පිළිබද විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ අවදානම් නිවේදනය තවදුරටත් වලංගු බවයි. 

ඒ පිළිබඳ කරුණු දැක්වූ  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි